Friday, October 25, 2024
Follow Us
වත්මන් ජනපතිගේ සහය ජනාධිපතිවරණයේදී ලබා ගන්න එපා : අගමැති ගෙන් කොන්දේසියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ජාවක් අද (25) දහවල් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ජාව සඳහා අගමැතිවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් සහභාගිවූ බවයි වාර්තා වන්නේ.

අද පැවති සාකච්ජාව ඉතා ධනාත්මකව පැවති බවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ වලට මෙහිදී එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කෙබඳු අවස්ථාවකදී වුවද වත්මන් ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා නොගත යුතු බවට වන කොන්දේසියක් අගමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

මේ අතර හෙට (26) පස්වරු 3.00 ට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව තිබෙනවා.

(Neth)