Friday, October 25, 2024
Follow Us
සජිත් කොන්දේසි බෑ කියයි ! අපේක්ෂක අර්බුදය ඇදෙන ලකුණු !

තමන් කිසිදු කොන්දේසියකට යටත්ව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ එම කොන්දේසි තමන් වෙත තවමත් ලැබී නොමැති ද බවයි. එසේම තමන් තමන්ගේ ආත්ම ගෞරවය විකූණා වාසි ගන්නා පුද්ගලයකු නොවන බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බව ඔවුන්ගේ theleader.lk වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ පිළිබඳව දැනුම් දීම සඳහා සජිත් අද (25) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා හමුවීමට ද සූදානමින් සිටින බවයි එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති පක්ෂ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමට සහභාගී නොවූ බැවින් අදාළ කොන්දේසි ලිඛිතව සජිත් පාර්ශ්වය වෙත ලබාදීමට නියමිතව ඇත්තේ අද දිනයෙහිය.

(LNW)