Friday, October 25, 2024
Follow Us
නොවැම්බර් 16 රනිල්ව ගෙදර යවන හැටි බලමු - මහින්ද

රනිල්,සජිත්,කරු මේ තිදෙනාම එලවා දැමීමට මේ වන විට ජනතාව තීන්දුවක් ගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ (24) කොළඹදී පැවති සමූපාකාරික ජාතික මහා සම්මේලනය අමතමිනි.

ආණ්ඩුව පසුගිය කාලය පුරාම සිදුකළේ පළිගැනීම් නිසා ආණ්ඩුවට වැඩකිරීමට නොහැකි වූ බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මේ අතර අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ සමයේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට දේශපාලන බලපෑම් එල්ල කළ අය පිළිබඳව හෙළිකරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

අරලිය ගහ මන්දිරයේ වෙනම ඒකකයක් තබාගෙන පක්ෂ කිහිපයක නායකයන් එකතුවී කළ විගඩම දැන් හෙළිදරව් වී ඇති බවද රාජපක්ෂ මහතා කියාසිටියේය.

කෙසේවෙතත් ඔවුන්ගේ යුගයකදී නැවත නීතිය නැවීමට ඉඩ නොතබන බවද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශකළේය.

(LNW)