Friday, October 25, 2024
Follow Us
එජාපයට ගෝඨා භීතිකාවක් - ජී.ඇල්.

ජනාධිපතිවරණය ආරම්භ වීමටත් පෙර පොදුජන පෙරමුණේ ප්‍රතිවාදීන් ඔවුන්ගේ පරාජය භාරගෙන ඇති බවත් ඔවුන් ජනාධිපතිවරණ වැඩපිළිවෙලට අවතීර්ණ වන්නේම පරාජිත මානසිකත්වයකින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පවසයි. එළිපිට නොපිළිගත්තද ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කීරීමට තබා තරගයක් දීමට හෝ නොහැකි බව ඔවුන් දන්නා බව ද පොදුජන පෙරමුණු සභාපතිවරයා පවසයි.

ජී.ඇල්. පීරිස් මහතා මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ කාර්යාලයේදී (23) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

ජනාධිපතිවරණයට ජයගත නොහැකිව දැන් ඔවුන් විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බවයි පීරිස් මහතා පවසන්නේ. ඔවුන් පළමුව ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළ බවත් එහෙත් එය අසාර්ථක වූ තැන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා උත්සාහ ගත් බවත් ඔහු පෙන්වා දෙනවා.

එයද අසාර්ථක වූ හෙයින් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන හෝ ඔහුව ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරීමට උත්සාහ දරන බවයි ජී.ඇල්. පීරිස් මහතා පවසන්නේ. ඒ සඳහා සිදුකළ කුමන්ත්‍රණය දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ දුරකතන සංවාද හඬපටය හරහා තහවුරු වන බව ද ඔහු පෙන්වා දෙනවා.

(LNW)