Friday, October 25, 2024
Follow Us
වෙල්ගමත් ජනපති සටනට සූදානම්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රීලනිපය තවත් පක්ෂයක වලිගයක් බවට පත්විය යුතු නැති බවත්, කිසිවෙකු ඉදිරියේ දනින් වැටිය යුතු නොමැති බවත් වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් සමුළුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ශ්‍රීලනිපය ඉල්ලා සිටින්නේ නම් තමා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වුවද සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මහින්ද රාජපක්ෂලා සමග ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදුජන පෙරමුණ පිහිටුවා ගත් කුමාර වෙල්ගම එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයට පත් විය. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට ඔහු මුල සිටම විරෝධය පළකළ අතර ඒ නිසා ඔහුට බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු නායකත්වය අහිමි විය. ඉන්පසු නැවතත් වෙල්ගම මහතා ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය සමග එකතු වී සිටී.

(LNW)