Friday, October 25, 2024
Follow Us
බැඳුම්කරයේ සල්ලි රනිල්ගෙන් ගන්නවා – AKD

බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් කඳුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොළේ ඊයේ (22දා) සංවිධානය කර තිබූ ප්‍රචාරක රැස්වීම අමතමින් ඔහු මේ බව පැවැසීය.

“අයේ අපේ රටට පාලනයක් තෝරන්න නොවැම්බර් 16 දිනට දින නියම කරලා තියෙනවා, නොවැම්බර් 16 තියෙන්නේ අපිට හොදම නිදිමරන්නෙක් තෝරා ගැනීමේ හෝ වංචනිකයන් දුෂිතයන් රැසකට නායකත්වය සපයන පවුලේ නායකයෙක් තොරා ගැනිමේ තරගයකුත් නෙවෙයි.

ඔබට වරමක් ලැබෙනවා අපේ රටට නව පාලකයෙක් සහ නව පාලනයක් තොරපත් කරගන්න.

අවුරුදු 71 මේ රට විනාශ කල පාලනය වෙනුවට අපි නව පාලනයක් ගොඩ නගා ගත යුතු නැද්ද?

ජනතාවට සතුට , සැපත උරුම කර දෙන පාලනයක් ඕනි නම් තමුන්නාන්සේලා තොරගත යුත්තේ ජාතික ජන බලවේගයේ පාලනයක් බව ප්‍රකාශ කරනවා .

රනිල් වික්‍රමසිංහ කියන්නේ වතු අයිතිකාරයෙක්, නවින් දිසානායක කියන්නේ වතු අයිතිකාරයෙක්, එනිසා එයාලා නියෝජනය කරන්නේ කාගේ පැත්තද වතු හාම්පුතුන්ලාගේ පැත්ත.

අපි හදන්න ඕනි වත්තේ වැඩ කරන අයගේ පැත්ත නියෝජනය කරන පාලනයක් , අපි එකට තමයි මේ එකතු වෙලා ඉන්නේ.

රනිල් වික්‍රමසිංහ මහත්තයට පරම්පරාවෙන් ආපු පොල් ඉඩම් තියෙනවා නම් එවගේ අසවැන්න එයාට ගන්න පුළුවන්, හැබැයි බැදුම්කරෙන් ගත්ත ගාන අපි ආපහු ගන්නවා.

ගොඨාභය රාජපක්ෂ මහත්තයට වුනත් ඇමරිකාවේ ඉන්නකොට හම්බ කරපු රස්සාවෙන් ලබුණු දේපලක් තියෙන වනම් එක තියා ගන්න කියනවා, හැබැයි මිග්අවි ගේනකොට කීයක් හරි ගහගෙන තියෙනව නම් එ්ක අපි ගන්නවා.සතුරාට වුණත් අපි සාධාරණවයි වැඩ කරන්නේ.

මහජනයාගේ සොරකම් කරන ලද දේපල ආපසු මහජනයාට දෙන පාලනයක් අපි නිර්මාණය කරනවා.”

(Lanka Leads)