Friday, October 25, 2024
Follow Us
සජිත්ට පක්ෂය හැරයන්න දෙන්නේ නෑ - හේමා ප්‍රේමදාසගෙන් රනිල්ට යළි සහතිකයක් !

කවර තත්වයක් යටතේ වුවත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය හැර නොයන බව ඒ මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යළි දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම අපේක්ෂක අර්බුදය මතුවූ මුල් දිනවලදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ඇය සහතික වී තිබුණේ සජිත්ට පක්ෂය හැරයාමට තමන් ඉඩ නොතබන බවටයි.

සජිත් ප්‍රේමදාස මහතාව එජාපයෙන් ඉවත් කරවීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් ඔහු සමීපයේම සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුත් ඊට හවුල් බවත් තමන්ට ද පෙනී යන්නේයැයි ප්‍රකාශ කර ඇති හේමා ප්‍රේමදාස මහත්මිය සජිත්ව ඉන් බේරාගත යුතුව ඇති බවත් අවධාරණය කර ඇති බව සඳහන්.

රණසිංහ ප්‍රේමදාස මහතා දෝෂාභියෝගයට මුහුණ දුන් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඔහු වෙනුවෙන් තනිවම පෙනී සිටිමින් සටන ගෙනගිය ආකාරය යළි සිහි කර ඇති හේමා ප්‍රේමදාස මහත්මිය සිය පියාණන් ලෙයින් දහඩියෙන් ගොඩනැඟූ පක්ෂය හැර නොයා ඉවසීමෙන් කටයුතු කරන ලෙස තමන් සජිට අවවාද කළ බවත් පැවසීයැයි වාර්තා විය.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන දිවියේ මෙන්ම පුද්ගලික දිවියේ පවා සියලුම තීන්දු තීරණ අදටත් ගනු ලබන්නේ ඔහුගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය විසිනි. මේ වනවිට සජිත් කළ යුතු දේවල් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ඇයටත් බලපෑම් කරමින් සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

(LNW)