Friday, October 25, 2024
Follow Us
පොහොට්ටුවෙන් පාඨලී චම්පිකට ආරාධනාවක් !

තමන් සමඟ එක්වන මෙන් ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ශ්‍රී ලංකා පොදුජන විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

චම්පික රණවක මහතාගේ චින්තනය සහ ප්‍රතිපත්ති අනුව ඔහුට දේශපාලන කටයුතු කළ හැකි හොඳම තැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ප්‍රකාශ කර ඇති ඔවුන් දැනට ඒ මහතා සතු මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ අයුරින්ම ඔහුට ලබාදීමටත් ඉදිරි වසර පහ සඳහා එම අමාත්‍යාංශය දැනට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිසිවක් වෙනස් නොකිරීමටත් පොරොන්දු වී ඇති බව සඳහන්.

එසේම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ චම්පික රණවක මහතාට මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා කිසිවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයක් තුළ ඇති නොවන බවට වගබලාගන්නා බවට ද ඔවුන් සහතික වී ඇත.

මීට දැඩි විරෝධයක් එල්ල විය හැකි බැවින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට දැනුම් දීමකින් තොරව ඔහුට රහසිනුයි පොහොට්ටුව මෙම ආරාධනය චම්පික අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙන්නේ.

කෙසේවෙතත් චම්පික රණවක මහතා මෙම යෝජනාව බාරගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

2025 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දැනටමත් ඉතාම සැලසුම් සහගත ව්‍යාපෘතියක් දියත් කර, එහි සාර්ථකත්වයක් ද අත්පත් කරගෙන සිටින චම්පික රණවක මහතා මේ මොහොතේ කිසිසේත්ම එක්සත් ජාතික පෙරමුණ හැරයාමට කටයුතු නොකරනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

(LNW)