Thursday, October 24, 2024
Follow Us
ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් - විමල් වීරවංශ

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් ඔහුව ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

බුර්කා හෙල්මට් ඇතුළු මුහුණු ආවරණ තහනම ද ඉවත් කළේ ‍ගෝඨා ඝාතන කුමන්ත්‍රණයට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට බවයි අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ මහතා ප්‍රකාශ කළේ.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ප්‍රකාශය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය හෙලිදරව් වූ බවත් ඒ අනුව ආණ්ඩුවේ දේශපාලන දඩයමට සහාය දුන් දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන දිල්රුක්ෂි ඩයස් මහත්මිය වහාම එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් විමල් වීරවංශ මහතා පවසනවා.

(LNW)