Thursday, October 24, 2024
Follow Us
ජනාධිපතිවරණයට තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජාතික මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා, සිරිපාල අමරසිංහ සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් අජන්තා විජේසිංහ පෙරේරා මහත්මිය ඇප මුදල් තැන්පත් කළ බවයි.

මොවුන්ගෙන් කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා සහ සිරිපාල අමරසිංහ ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඇප මුදල් තැන්පත් කළ බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

(Aruna)