Thursday, October 24, 2024
Follow Us
විධායක අහෝසි කිරීමට විරුද්ධයි ! ඕනනං දිනුවට පස්සෙ බලමු ! - සජිත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරකට තම පාර්ශ්වය විරෝධය පළ කරන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් රැස්වීම ආරම්භ කිරීමට පෙර සජිත් පාර්ශ්වය විසින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

එහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ විධායකය අහෝසි කිරීමට අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවේ කළ යුත්තේ ජනතාව ඉල්ලන නායකයා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම මිස විධායකය අහෝසි කිරීම සඳහා උත්සාහ ගැනීම නොවන බවත් අවශ්‍ය නම් සජිත්ගේ ජයග්‍රහණයෙන් පසුව විධායකය අහෝසි කිරීම පිළිබඳව පියවර ගැනීමට හැකි බවත් සජිත් පාර්ශ්වය අගමැතිවරයා වෙත අවධාරණය කර තිබෙනවා.

(LNW)