Thursday, October 24, 2024
Follow Us
එජාපයේ තීරණය අනුව තීන්දුවකට එළඹෙන බව සජිත් පිල කියයි

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදීමට සිය පක්‍ෂයේම පිරිසක් එරෙහි වන්නේ විපක්‍ෂයේ අවශ්‍යතා අනුව දැයි සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂය ගන්නා තීරණය අනුව සිය ඉදිරි දේශපාලනය තීන්දු විය හැකි බවයි ඊයේ (18) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිට්ඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

එහිදී "මේ මැතිවරණයේ යම් යම් තීන්දු මත අපේ දේශපාලනය තීන්දු වෙන්න ඉඩ තියෙනවා. මොකද අපිට ඕනේ දේශපාලන ජයග්‍රහණයක්. පක්ෂය ජයග්‍රහණය කළ යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවන්න අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ අපේක්ෂකයා දාලා ජයග්‍රහණය කරන්න පක්ෂ නායකත්වය කැමැති නැත්නම් අපි මොකද කරන්නේ. අපිට තීන්දු ගන්න සිද්ධ වෙයි. මේක ජනතාවට අපි කියන්න ඕනේ. මොන විනය පරීක්ෂණ තිබ්බත් මම මේක කියනවා. මට හිතෙනවා මේක ඩීල් එකක්ද කියලා. විරුද්ධ පක්ෂයත් එක්ක... දැන් අන්තිම මොහොතේ ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා නම්..." යනුවෙන්ද සඳහන් කළා.

(Neth)