Thursday, October 24, 2024
Follow Us
නෙළුම් කුළුණ ගැන ජනපතිගේ චෝදනාවට මහින්දගෙන් පිළිතුරු

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන් වී ඇති බවට ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශයට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු ලබාදුන්නා.

ඒ, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කළයුතු අත්තිකාරම් මුදල විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ව්‍යාපෘතියේ කි‍්‍රයාකාරී පාර්ශවය වූ චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් සමාගමට ගෙවා ඇති බව අදාළ ලියවිලිවලින් තහවුරු කර ගත හැකි බවයි විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරන චෝදනා ශී‍්‍ර ලංකාවට උපකාර කළ චීනය වැනි මිත‍්‍රශීලි ලෝක බලවතෙකුට කළ අපහාසයක් බවද විපක්‍ෂ නායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

ජනාධිපතිවරණයක් අත ළග තිබියදී මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තිය පොහොට්ටුව පාර්ශවයට ලැබීම වැළැක්වීම සදහා, රුපියල් බිලියන දෙකේ මඩ ප‍්‍රචාරය දියත් කළ බව සිය විශ්වාසය බවයි විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

එබැවින් සිදුව ඇත්තේ අසල්වැසියාගේ අලූත් වාහනයට ඉරිසියාවට ගල් ගැසීමට සමාන දෙයක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

(Neth)