Thursday, October 24, 2024
Follow Us
සජිත් පිල නව පක්ෂයක් බිහි කිරීමේ සූදානමින් !

පුද්ගලික න්‍යාය පත්‍ර නොමැති, රට ගැන හිතන අලින් ඉන්නා අලුත් පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ සජිත් පාර්ශ්වයේ ප්‍රධාන කථිකයකු වන නලින් බණ්ඩාර අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවෙහි ඡායාරූපයක් සහිත සටහනක් පළ කරමිනි.

මීට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප ගෝලයකු වන දිලිප් වෙදාරච්චි මහතා ද ස්ථිරව ම ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමි නොවන්නේ නම් ඔහුව වෙනම පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

එසේම අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා ද සති කිහිපයකට ඉහත දී තරයේ ප්‍රකාශ කළේ සජිත්ට අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට තම කණ්ඩායමට සිදුවන බවයි.

(LNW)