Saturday, April 26, 2025
Follow Us
"එජාප අපේක්ෂකයා නම් කරන තෙක් ශ්‍රීලනිපය කල් ගන්නවා ලු"

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය සමග එක්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කල්දමනු ලබන්නේ කිහිපදෙනෙකුගේ උවමනාවට බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරන තෙක් මෙම සාකච්ඡා දිග්ගැස්සීම ඔවුන්ගේ අරමුණ බවයි.

එහිදී "චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ අවශ්‍යතාවය මත එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරන මොහොත දක්වා මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්න ශ්‍රීලනිප දෙතුන් දෙනා තීන්දු කරලා තියෙනවා. " යනුවෙන්ද සඳහන් කළා.

කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සෑමවිටම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් පසුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න පවසනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මීටපෙර අවස්ථා 08 කදී සාකච්ඡා පැවැත්වුණා.

(Neth)