Thursday, October 24, 2024
Follow Us
පොහොට්ටු ගැටලුව විසඳන්න මෛත්‍රී-මහින්ද හමුවෙති

ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව අතර ගොඩනගන්නට යන නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් හටගෙන තිබෙන ප්‍රශ්නය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තමන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවත්නා ප්‍රායෝගික දේශපාලනය ගැන විවෘත මනසින් ක්‍රියා කරන ජ්‍යොෂ්ඨ දේශපාලනඥයකු නිසා තමන් ඔහු සමඟ ඒ ගැන සාකච්ඡා කර ගැටලුව විසඳා ගන්නා වග මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

ඒ අතර පොහොට්ටුව සහ ශ්‍රී.ල.නි.පය අතර සාකච්ඡා සාර්ථක වුවහොත් දෙපක්ෂය අතර අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමට අත්සන් තබන්නේ ශ්‍රී.ල.නි.ප පොහොට්ටු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවට පූර්ව එකඟතාවක් දැනටමත් ඇති වී තිබේ. ඒ ගැන ගෝඨාභය සමඟ වෙනම සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් පත්කර ඇති බවද ශ්‍රී.ල.නි.ප ආරංචි මාර්ග කියයි.

(Lanka Leads)