Thursday, October 24, 2024
Follow Us
සජිත් පාර්ශ්වය අද දෙමළ ජාතික සන්ධානය හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය අද (15) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවී ඔවුන්ගේ සහාය ඉල්ලා සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00 ට මෙම හමුව පැවැත්වීමට නියමිත අතර ඊට සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය 10 වනදා පැවති රනිල් - සජිත් හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබුණේ වහාම දෙමළ ජාතික සන්ධානය හමුවී මුලින්ම ඔවුන්ගේ සහාය ලබාගන්නා ලෙසයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයකු නම් කිරීමෙන් අනතුරුව ඔහුට සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ තම ස්ථාවරය දෙමළ ජාතික සන්ධානය මෙතෙක් වෙනස් කරගෙන නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ සතිඅන්තය වනවිට සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂකයා වශයෙන් නම් කරවා ගන්නා බවට හතර අතට පොරොන්දු වී සිටින සජිත් පාර්ශ්වයට අද දිනය අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවත් සඳහන්.

(LNW)