Thursday, October 24, 2024
Follow Us
වැ‍නෙන නායකත්වය ගැන විශ්වාසයක් නෑ - තවත් ශ්‍රීලනිප පිරිසක් පොහොට්ටුවට !

මේ වනවිට දිනෙන් දින ගරා වැටෙමින් තිබෙන ශ්‍රීලනිපයේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ ශ්‍රීලනිප නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිය දේශපාලන අනාගතය බිල්ලට දිය නොහැකි බව පවසමිනි.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටින අතර ඔහු සමග තවත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පොහොට්ටුව හා එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ශ්‍රීලනිපය මුහුදුබත් වී ගිලෙන නැවක් බවට පත්ව ඇති අතර විටින් විට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ඉන් ඉවත් වෙමින් සිටී.

නිමල් සිරිපාල ද සිල්වා මහතා, පසුගියදා පැවති ශ්‍රීලනිප වාර්ෂික සම්මේලනයේදී පොහොට්ටුවට සම්බන්ධ වන බවට ප්‍රසිද්ධියේ ඉඟි පළකරමින් සඳහන් කළේ ශ්‍රීලනිපයට දැන් පොහොට්ටුවට එකතුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

පොහොට්ටුවට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන් පවසන්නේ පක්ෂයේ නායකත්වය පක්ෂය වෙනුවෙන් සෘජු දේශපාලන තීන්දු හා තීරණය ගැනීමට අසමත් වී ඇති බවයි. වැනෙන තීන්දු මත දේශපාලනය කළ නොහැකි බවත් සෘජු තීරණ ගන්නවා වෙනුවට පක්ෂ නායකත්වය විශ්වාසය තබා ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව බවත් පෙන්වා දෙන එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ එම දේශපාලන කුමන්ත්‍රණ හෝ හරිහැටි ක්‍රියාත්මක කිරීමට පක්ෂ නායකත්වය අසමත් වී ඇති බවයි.

විධායක ජනාධිපති ධුරය පක්ෂය සතුව තිබියදී පවා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තරගයක් දීමට හෝ නොහැකි මට්ටමට අද පක්ෂය පත්ව ඇති බවත්, මේ ගෙවී යන්නේ ශ්‍රීලනිප පක්ෂ ඉතිහාසයේ අසාර්ථකම කලසීමාව වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

(LNW)