Thursday, October 24, 2024
Follow Us
ශ්‍රීලනිපය කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවක් - ගෝඨාගෙන් ප්‍රබල ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බිහිකිරීමට උත්සාහ දැරූ සන්ධානය බිඳ දැමීම සඳහා "පොහොට්ටුව" ලකුණට විරුද්ධ වෙමින් ශ්‍රීලනිපය ඉටු කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරයි.

පොහොට්ටුව ලකුණ සඳහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 19ක් දැනටමත් එකඟ වී තිබියදී ශ්‍රීලනිපය පමණක් ඊට එරෙහිවීම තර්කානුකූල කරුණක් නොවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

"පක්ෂ දෙකක් එකතු වෙනකොට තියෙන මූලික සිද්ධාන්තවලට එකඟයි කියලනෙ කියන්නෙ. ඒවට එකඟයි ලාංඡනය තමයි ප්‍රශ්නය කියන්නෙ. ඒ ලාංඡනය ප්‍රශ්නයක් කරගන්නෙම එකක් කාගෙ හරි කොන්ත්‍රාතුවක් පිට. කාගෙ හරි වුවමනාවක් පිට. අර නොවෙන දේකට මේක ගෙනියන්න උත්සාහ කරනවා කියන එකයි අපි දකින්නෙ.

මොකද, ඒක එහෙම තර්කානුකූල ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන 19ක් මේ වෙනකොට එකඟවෙලා තියෙනවා පොහොට්ටුව කියන ලාංඡනයත් සමඟ. ඒකට හේතුවකුත් තියෙනවානෙ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ජනතාව කතා කරනවා, එක්සත් ජාතික පක්ෂය කියලා කතා කරනවා, අපිට ඇයි කියන්නෙ පොහොට්ටු පක්ෂය කියලා ?

ව්‍යවහාරය බලන්නකො. ගමේ පුංචි සිඤ්ඤොගෙන්, කමලක්කාගෙන් ඇහුවොත් කියන්නෙ අපි නම් ඉතිං පොහොට්ටු පක්ෂෙ තමයි කියලා. එතකොට ඒ පොහොට්ටුව කියන එක බ්‍රෑන්ඩ් එකක් වෙලානෙ තියෙන්නෙ. ඒනිසා ඒක කඩා බිඳදාන්න උත්සාහ කරන්නෙ ඔවුන්ට යටි හිතේ වෙන කොන්ත්‍රාතුවක් ඇති" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී සන්ධානය පිළිබඳව අදහස් දක්වමිනි.

(LNW)