Saturday, April 26, 2025
Follow Us
නාමල් - ලිමිණි අද අතිනත ගනිති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතනුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (12) දිනයේ විවාහ දිවියට එළඹීමට නියමිතය.

ඔහු සමඟ අතිනත ගන්නේ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ මෙනවියයි.

අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී නාමල් - ලිමිණි යුවලගේ විවාහය චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර රාත්‍රියේ වීරකැටියේදී ප්‍රියසම්භාෂණයක් ද පැවැත්වෙනු ඇති.

එසේම මේ වෙනුවෙන් සැප්තැම්බර් 14 වනදා කාල්ටන් නිවසේදී ප්‍රියසාදයක් සහ සැප්තැම්බර් 17 වනදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී විදෙස් තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තවත් උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබේ.

(LNW)