Thursday, October 24, 2024
Follow Us
සජිත් හැමෝම පාවාදීලා රනිල්ගේ ඔඩොක්කුවට පනීවි – මහින්දගෙන් අනාවැකියක්

සජිත් ප්‍රේමදාස මහතා හැමෝම පාවා දී අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට පනිනු ඇතැයි කියා මා විශ්වාස කරන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය සජිත් පැත්තකින් ගනිමින් සිටියදී තවත් පැත්තකින් මම එනවා යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්ද කෙලින් තියාගෙන ප්‍රකාශයක් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

බය නැති වික්‍රමසිංහ මහතා එනවයි කියද්දි අනිත් එක්කෙනා නම් එන්නෙ නැහැ කියලා ප්‍රකාශ කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ආණ්ඩුවට ද අහිතකර අන්දමින් බලපා තිබෙන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි

(Lanka Leads)