Thursday, October 24, 2024
Follow Us
රනිල් සජිත්ගේ බල බිඳී ! දිස්ත්‍රික්ක 25 ටම අලුතින් දිස්ත්‍රික් නායකයන් !

මීළඟ ජනාධිපතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස දිස්ත්‍රික් 25 ටම අලුතින් දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සඳහා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් සහ ඔහුට විශ්වාස පුද්ගලයන් පත් කිරීමට තීරණය කර ඇති බවයි සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මෙම පත්කිරීම් සිදු කරන බව සඳහන් වන අතර කෙසේ වෙතත් එහි සැඟවුණු අරමුණ වී ඇත්තේ මේ වනවිට දිස්ත්‍රික් නායකයන් ලෙස කටයුතු කරන සජිත් හිතවාදීන් ඉවත් කර ඒ වෙනුවට රනිල් හිතවාදීන් පත්කර ගැනීමයි. ඒ හරහා සජිත් ප්‍රේමදාස මහතාට ඒ ඒ දිස්ත්‍රික්කවලින් ලැබෙන සහයෝගය අඩාල කිරීමයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් තීරණය කර ඇති අතර එය පසුගියදා එජාප ජ්‍යෙෂ්ටයන් වෙත දැනුම් දීමට කටයුතු කර තිබිණි. තමාගේ තීරණය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීම සඳහා ඊයේ (08) කැඳවා තිබූ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා සහභාගි නොවීය.

(LNW)