Wednesday, January 15, 2025
Follow Us

2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය ,මුලතිව්, වව්නියාව ආදි දිස්ත්‍රික්කවලට අදාළ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් මඩකලපුව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල වන්දි මුදල් ගෙවීම් කටයුතු ද 2025 පෙබරවාරි මුල වනවිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙහිදි වන්දි මුදල් ගෙවීමේදී සිදුවිය හැකි අක්‍රමිකතාවයන් වැළැක්වීමට අදාළ සියලුම ක්‍රියාමාර්ගයන් ගනිමින් වන්දි හානියට පත් වගාකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.