Thursday, October 24, 2024
Follow Us
ලකුණ ගැන පොහොට්ටු පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තරග වදින ලකුණ පිළිබඳ කිසිඳු ගැටලූවක් ඇති කර ගතයුතු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු කියාසිටියේ තරගවදින ලකුණ වැනි සුළු ගැටලූවක් මුල්කර ගනිමින් ගැටලුවක් ඇති කරගත යුතු නැති බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වන්නේ නම් පොදු ලකුණක් අනිවාර්යයෙන්ම තීරණය කළ යුතුබව නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර අවධාරණය කළා. එසේ නොවන්නේ නම් විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියාසිටියේ වඩා වැදගත් වන්නේ ලකුණ නොව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු සිදු කරන වැඩපිළිවෙළ බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර මීට පෙර අවස්ථා 08 කදී සාකච්ඡා පැවැත්වුණා.

(Neth)