Thursday, October 24, 2024
Follow Us
අපිට ඕනේ අපේ ආණ්ඩුවක් මිස මහින්ද අගමැති කරන්න නෙවෙයි - දයාසිරි

මහින්ද මහත්තයා අගමැති කිරීමයි පොහොට්ටුව සමඟ සාකච්ජායි කියන්නේ හරියට ධීවර කර්මාන්තය සහ බුද්ධාගම වගේ යැයි ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

මේ අනුව ශ්‍රීලනිපයට අදාළ වන්නේ පොහොට්ටුව සමඟ සාකච්ජා ක්‍රියාත්මක අවන අතරතුර ශ්‍රීලනිපයට අනන්‍ය ආණ්ඩුවක් හදාගැනීම බවයි ඔහු කියාසිටියේ.

එය වමේ ප්‍රගතිශීලි ආණ්ඩුවක් බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ජා පවත්වාගෙන යන බවත් එම සාකච්ජා අසාර්ථක වුවහොත් ඊටද සූදානමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

"සාකච්ජාව කරගෙන යනවා. අසාර්ථක වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකටත් සූදානම් වෙලා ඉන්නේ. පක්ෂය විදිහට පක්ෂයේ ශක්තිය ආරක්ෂා කරගෙන පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන වමේ ප්‍රගතිශීලි බලවේග සියල්ල එකතු කරගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඒ සඳහා ඕනෑම කැපකිරීමක් කරන්න අපි ලෑස්තියි. පොදුජන පෙරමුණ පැත්තෙනුත් ඒ කැපවීම තියෙන්න ඕනේ."

එසේ නොවුණ හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරඟ කිරීම සඳහා වැඩපිළිවෙලකට යාමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

ගෙවුණු සතියේදී කියවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම තරඟ කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගත බවයි. එය මැතිවරණ කොමිසමටද දැනුම් දී තිබුණි. මේ අතර ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පැවසුවේ තම පාර්ශවයේ සිදුසුම අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

මේ අතරතුර ශ්‍රීලනිපය තවදුරටත් පොහොට්ටුව සමඟ වන සාකච්ජා සාර්ථක කරගැනීමට වෙහෙසෙන බවක්ද පෙනෙන්ට තිබේ. මැතිවරණ ජයග්‍රහණය ගැන විවිධ කතා කියමින් ජනතාව ඇන්දවීමට උත්සහ ගත්තද දැන් දැන් බොහෝදෙනෙකුට මහපොළවේ වෙනස තේරුම් යමින් තිබෙන බව නම් මේ කතාවලින් පැහැදිලිය.

(LNW)