Thursday, October 24, 2024
Follow Us
බලපැම්වලින් මිදෙන්න විවිධ රටවල් සතුටු කරන්න පුළුවන්කමක් නෑ-ගෝඨා

මහින්ද රාජපක්ෂ රජයක් විසින් කිසිම දිනක රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් ස්ථාන අන්සතු නොකළ බවත් එහෙත් අද වන විට ආර්ථියමය වශයෙන් වැදගත් ස්ථාන විදේශිකයන්ට යටත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

(07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මහජන එක්සත් පෙරමුණේ සමුළුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විවිධ බලවතුනේගේ බලපෑම්වලට යටතව ඇති බවත් මෙම බලපෑම්වලින් මිදීමට සඳහා ඇතැම් රටවල් සතුටු කිරීමට නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ විදේශකයන්ට යටත්ව ඇති ආර්ථියමය වශයෙන් වැදගත් ස්ථාන යළි මෙටර පාලනයට ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවයි.

මේ අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)