Thursday, October 24, 2024
Follow Us
මන්ත්‍රීකම මට ලොකු නෑ, ආයෙ පාර්ලිමේන්තු එන්නෙත් නෑ - එස්.බී.

ශ්‍රීලනිපයට අවශ්‍ය නම් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ හැකි බවත්, එසේ කළද තමන්ට එය දේශපාලනය කිරීම සඳහා කිසිදු බාධාවක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. තමාට එරෙහිව ශ්‍රීලනිපය විනය පරීක්ෂණ පැවැත්වීමට සූදානම් වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

දේශපාලනය කිරීම සඳහා මන්ත්‍රීකම තීරණාත්මක සාධකයක් යැයි විශ්වාස නොකරන බවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සඳහා ‍බොහෝදුරට තමන් ඉදිරිපත් නොවනු ඇති බවත් එස්.බී. දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීකම් තිබුණද නොතිබුණද දේශපාලනයේ යුග මෙහෙවරක්, පංති යුතුකමක් ඉටුකිරීමට තමන්ට තිබෙන බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපය අතහැර පැමිණියේද ඒ පංති මෙහෙවර වෙනුවෙන් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පොදුජන පෙරමුණට පැමිණ තමන් ඇතුළු පිරිස පමණක් නොව දැනට ශ්‍රීලනිපයේ සිටින බහුතරයක් ද සිතින් ගතින් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණ සමග බවත් දිසානායක මහතා අවධාරණය කරයි.

දේශපාලන වාසි වෙනුවෙන් අද මන්ත්‍රීකම් ලොකු නොමැති බවට මෙසේ පාරම් බාන්නේ මීට වසර හතරකට පෙර පැවති මහ මැතිවරණයේදී ජනතා මනාපයෙන් පරාජයට පත්ව ජනාධිපතිවරයාගේ විශේෂ සැලකිල්ල මත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමට වාසනාවන්ත වූ එස්.බී. දිසානායකය. විටින් විට පාට මාරු කරන එස්.බී. අද ජනාධිපතිවරයාද අමතක කර දමා ඔහුට පිටුපාමින් සිටී. එවැනි සටකටප දේශපාලකයන් ජනතාව විසින්ම පරාජයට පත් කිරීම පුදුමයට කරුණක් නොවේ.

(LNW)