Thursday, October 24, 2024
Follow Us
ඉදිරි සතියේදි පාඨලීගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය ඉදිරි දේශපාලන තීරණ පිළිබද ලබන සතියේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්‍ෂය මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයා නම් නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම දැනටමත් ප‍්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරයා මීට පෙර ප‍්‍රකාශ කළේ. ඒ අනුව මෙම සතිය තුළ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබද තීරණයක් ගතයුතු බවත් එසේ නොවුන හොත් විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මීට පෙර ප‍්‍රකාශ කළා.

(Neth)