Thursday, October 24, 2024
Follow Us
සජිත් ඉරිදා රනිල් හමුවත් මඟහරින ලකුණු

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දීම සඳහා ඉරිදා, එනම් හෙට (08) දිනයේදී තමන්ව හමුවීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතත් ඔහු ඊට සහභාගී නොවී මඟහැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති පක්ෂ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී නිවේදනය කළ අතර සජිත් ප්‍රේමදාස මහතා එම රැස්වීම ද මඟහැර තිබිණි.

විශේෂයෙන් කණ්ඩායමක් වශයෙන් පිටත කටයුතු කිරීමේදී මොනවා කීවත් සජිත් ප්‍රේමදාස මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒවා කීමට නොයන බවත් අවසානයේ සිදුවන්නේ නායකයා ඉදිරියේ කීකරු ශිෂ්‍යයකු මෙන් හැසිරෙන සජිත් විසින් නායකයාගේ යෝජනා පිළිගැනීම බවත් ඉන් අනතුරුව සිදුවන්නේ සජිත් වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයින් අමාරුවේ වැටීම බවත් ඉතිහාස අත්දැකීම් අනුව හොඳින්ම දන්නා සජිත් පිලේ ප්‍රබලයින් ඒනිසා මෙම හමුව කෙසේ හෝ වැළැක්විය යුතු බව තීරණය කර ඇත.

ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට තරයේ අවවාද කර ඇත්තේ මොනම හේතුවක් නිසාවත් හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට නොයන ලෙස බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)