Thursday, October 24, 2024
Follow Us
රනිල්ගේ තීරණයට ජ්‍යෙෂ්ඨයන් බහුතරයක් එකඟයි ! ඉරිදා රනිල්ගේ තීරණය සජිත්ට දැනුම් දෙනවාලු !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවේදී තමන් එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති අතර ඒ සඳහා එජාප ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ එකඟතාවය හිමිව තිබේ.

ඊට එරෙහි වෙමින් එජාප අපේක්ෂකත්වය හිමිවිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බව ප්‍රකාශ කර ඇත්තේ මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් දෙදෙනා ඇතුළු එඑජාප ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකු පමණි.

සෙසු එජාප ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ පක්ෂයේ අර්බුද විසඳාගෙන එක අපේක්ෂකයෙකු ඉදිරිපත් කළයුතු බවයි. ඒ අපේක්ෂකයා එ‍ජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වීම තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.

මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට සහාය දක්වන මංගල සමරවීර මහතා සහභාගි නොවූ අතර ඒ අනුව එජාප ජ්‍යෙෂ්ඨයන්ගෙන් රනිල් විරෝධී පිලේ සිටින්නේ පස් දෙනෙකු පමණි.

එළඹෙන ඉරිදා (08) තමා හමුවන්නැයි එජාප නායකයා සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දීමට බවයි වාර්තා වන්නේ.

(LNW)