Thursday, October 24, 2024
Follow Us
ජනාධිපතිවරණය ගැන එජාපයේ තීරණාත්මක සාකච්ඡාවට රනිල් ජ්‍යේෂ්ඨයින් කැඳවයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාව අද (06) පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසකට කැඳවීම් ලැබී ඇති බවයි වාර්තා වූයේ.

මාලදිවයින් සංචාරයෙන් පසුව දිවයිනට පැමිණ සිටින අග්‍රාමාත්‍යවරයා වහාම මෙම සාකච්ජාව කැඳවා ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තමන් මේ වනවිට ගෙන ඇති තීරණය ජ්‍යේෂ්ඨයින්ට දැනුම් දීම සඳහා බව පැවසේ.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ එජාප අපේක්ෂකයා කරූ ජයසූරිය මහතා බවට ආරංචියක් පෙරේදා දිනයේදී මාලදිවයිනෙන් ලැබී ඇති බවයි.

(LNW)