Thursday, October 24, 2024
Follow Us
විනය පරීක්‍ෂණවලට පෙර හරි තීන්දු ගන්න - මේ මාසෙත් පක්ෂයේ සාමාජික ගාස්තු ගෙව්වා : ෆවුසිගෙන් ශ්‍රීලනිපයට දැඩි ප්‍රතිචාර

විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ තමන්ට නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කළ නායකයන්ට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව වෙනත් පක්‍ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට දින හතක් ඇතුළත කරුණු දක්වන ලෙස එම පක්‍ෂය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

" මේ වනතුරු මට ලියුමක් ආවේ නැහැ. ලිපිය ආවා නම් මම ඒ සඳහා පිළිතුරක් යවනවා. මේ විනය පරීක්ෂණයක් තියන්න ඕනේ මට නෙමෙයි. ඒ විනය පරීක්ෂණයක් තියන්න ඕනේ පක්ෂයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පොඩි පක්ෂයක් නෙමෙයි. ඒ පක්ෂය මැතිවරණ වලට ඉදිරිපත් වෙලා දිනලා පැරදිලා ලොකු ගමනක් ආව පක්ෂයක්. මෙවර ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරපත් කරන්නේ නැහැ. ඒ පක්ෂය දුර්වල වෙලා තියෙන නිසා. මම තාම නිදහස් පක්ෂ සාමාජිකයෙක්. මේ මාසයෙත් මාගේ සාමාජික ගාස්තුව රුපියල් තුන්දහසක් ගෙවලා තියෙන්නේ. දැන් පක්ෂයේ අය බලන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරනකම්. ඇයි ඒ අපේක්ෂකයාට තල්ලුවක් දීලා තනතුරක් ලබා ගන්න" මන්ත්‍රිවරයා කියා සිටියා.

ජනාධිපතිවරණයේ දී සහය දක්වන්නේ කුමන පාර්ශවයට දැයි කීමට පවා නොහැකි තත්ත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

" නිමල් සිරිපාල මන්ත්‍රිවරයා කිවවා අපි රනිල්ට කැමති නැහැ, සජිත්ට-කරුට කැමති නැහැ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය අපේ පක්ෂයට ගැලපෙන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්නේ නැත්නම් කෙලින්ම කියන්න පුළුවන්නේ සහය දෙන්නේ ගෝඨාභයට කියලා. එහෙම කියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරනකම් එයාලා බලන් ඉන්නේ. මගෙන් මැද කොළඹ සංවිධායකකම ඉවත් කළා. මමයි පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, නිමල් සිරිපාල නෙමෙයි. දැන් එනවා විනය හදන්න. විනය හදන්න තිබ්බේ ඉස්සර. දැන් ජනතාවට පෙන්නේ බොරු කරනවා."

(Neth)