Thursday, October 24, 2024
Follow Us
සරත් ෆොන්සේකා දේශපාලනය නොකර හමුදාවේ වැඩක් බලාගෙන හිටියනම් හොඳයි වගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන නොකර හමුදාවට සම්බන්ධ දෙයක් කළා නම් හොඳ බවට දැන් ඔහුගේ හැසිරීම අනුව සිතෙන බව අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය කාලය තුළ සරත් ෆොන්සේකා මහතා අගමැතිවරයාට,මහින්ද රාජපක්ෂ මහතාට, පාලිත තෙවරප්පෙරුම මහතාට බැන බැන සිටි අතර දැන් සජිත් ප්‍රේමදාස මහතාට බැන වදිමින් සිටින බවත් ලබන මාසය වන විට කවුරු ඉලක්කය වේදැයි සිතා ගත නොහැකි බවයි සේනසිංහ මහතා පැවසුවේ,.

ෆොන්සේකා මහතාගේ මෙම හැසිරීම් හේතුවෙන් ඔහු ගැන කළකිරීමක් ඇති වන බවද අමාත්‍යවරයා කියාසිටියේය.

කෙසේවෙතත් සියලු දෙනාගේම ඉල්ලීම ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දියයුතු බව යැයි හෙතෙම පැවසුවේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා වීම හේතුවෙන් අලුතින් පත්වන ජනධිපතිවරයා බලතල නොමැති අයෙක්ද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාට "ගොඩක්" බලතල පවතින බවයි.

(LNW)