Thursday, October 24, 2024
Follow Us
නව සැළසුම් ගැන ගෝඨා සහ මහින්ද හෙළිකරයි

ආසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනය ශී‍්‍ර ලංකාවටද අත්පත් කර ගැනීමට නව සැලසුම් සකස් කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තරුණ තරුණියන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහාද සැලසුම් සකස් කළ යුතු බවයි.

තරුණ තරුණියන් නිපුණත්වයෙන් හෙඹි පිරිසක් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන ක‍්‍රමයේද වෙනස්කම් සිදුකළ යුතු බවයි ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේ නිවැරදි දැක්මක් සහිත නිවැරදි නායකයෙකු මේ වනවිට රටට අවශ්‍යම මොහොතක් බවයි.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අමතමින්.

(Neth)