Thursday, October 24, 2024
Follow Us
ශ්‍රීලනිපය නැතිව කාටවත් ජනාධිපතිවරණෙයෙන් 47%කට වඩා ගන්න බෑ - දයාසිරි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායකින් තොරව මොනම පාර්ශ්වයකටවත් 47%කට එහා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

එහෙයින් 47% ඉක්මවා ඡන්ද ලබාගන්නේ නම් ඒ හැම ඡන්දයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා ලබන ඡන්ද මිස වෙනත් කිසිවක් නිසා ලබාගත හැකි ඡන්ද නොවන බවයි ඒ මහතා පැවසුවේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වැටි වැටී නැගිටින පක්ෂයක් මෙන්ම නැගිට ජයග්‍රහණය කරන පක්ෂයක් ද බව ඒ මහතා පෙන්වා දුන්නේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති ශ්‍රීලනිප 68 වැනි ජාතික මහා සම්මේලනය අමතමිනි.

(LNW)