Wednesday, October 23, 2024
Follow Us
ජාතික ආරක්ෂාව ගැන ශක්තිමත් තීරණ ගත හැකි නායකයෙක් අවශ්‍යයි - මහින්ද

සියළුම ජාතීන්ට ආරක්ෂාව ලබා දිය හැකි නායකයෙක් රටේ නායකත්වයට පත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ මහින්ද රාජපක්ෂ පදනම විසින් සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කලාපීය වෙරළ හා පාරිසරික සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවට ජනාධිපති අපේක්ෂකන් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් තීරණයක් ගත හැකි සියලු ජාතීන්ට ආරක්ෂාව දිය හැකි නායකයෙක් පත්විය යුතු අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවද බලාගෙන සිටින බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රථිපල විශ්ලේෂණය කර බැලීමේදී පෙනී යන්නේ තුන්වෙනි පාර්ශවයකට රටේ ඉඩක් නොතිබුණු බවයි. අවසානයේදී ජනතාව ප්‍රධාන කඳවුරු දෙකට බෙදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටියේ තුන්වෙනි පාර්ශවයට මිලියන භාගයක පමණ ජන්ද පවතින හෙයින් මෙවර එය වැඩිවීමක් විය හැකි අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. එය අභියෝගයක් වන අතර එම අභියෝගය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ විමසිලිමත් බවයි ඔහු පැවසුවේ.

(LNW)