Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රිලනිපය නාවොත් වෙල්ගම තනියම සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතරවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් තමන් වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන සලකා බලන බව 'අනිද්දා' පුවත්පත සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අවධාරණය කර තිබේ.

තමා කිසිදා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගත් බවත්, තමන් ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ හා සන්ධානගතවීම නොකළ යුතු බවත්, ශ්‍රීලනිප සාමාජිකයන්ගේ අනන්‍යතාව රැකෙන අන්දමේ තීන්දුවක් ගත යුතු බවත් ඔහු කීයා සිටියි.

ඒ අනූව ශ්‍රිලනිප ය අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසයි.

සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රීලනිප සම්මේලනය පැවැත්වෙන අතර ඊට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග සන්ධානගත වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ගත යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රීලනිප ජාතික සංවිධානයක දුමින්ද දිසානායක ප්‍රකාශ කරයි.

පසුගියදා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් සංවිධානය කළ සාදයට ද දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ සහ කුමාර වෙල්ගම සහභාගී නොවිය.

(News Tube)