දක්ෂිණ ජීවක අභිමන් 2024 ආයතන ඇගයීම් උළෙල පසුගියදා (09) ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එහි අරමුණ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබූ මෙම උත්සවය දකුණු පළාතේ ආයුර්වේද ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ එම දෙපාර්තමේන්තුවේ ආයතන හා නිලධාරීන් ඇගයීමයි.
දකුණු පළාත් ආයුර්වේද නිෂ්පාදනාගාරය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර 2023 වර්ෂයේ රුපියල් තුන් ලක්ෂ හතලිස් දහසක් ද, 2024 වසරේ ලක්ෂ 80කට ආසන්න මුදලක් ද ලාභ ලබා ඇත.