Wednesday, October 23, 2024
Follow Us
ඉල්ලා අස්වෙන කතාව බොරුවක් - කරු

කතානායක කරු ජයසූරිය මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව කතානායක කාර්යාලය පවසනවා.

ධුරයෙන් ඉල්ලා අස්වීමට කරු ජයසූරිය මහතා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි එම කාර්යාලය සඳහන් කරන්නේ. එසේම එවැනි ඉල්ලා අස්වීමක් සඳහා කිසිදු හේතුවක් නොමැති බව ද කතානායක කාර්යාලය අවධාරණය කරයි.

කරු ජයසූරිය මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙවැනි කටකතා පතුරවමින් සිටින බැවින් එම කටකතාවලට නොරැවටෙන ලෙස ජයසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

(LNW)