Wednesday, October 23, 2024
Follow Us
සිරිකොතට ගංවතුර ගලලා. දැන් ආධාර හැටියට කෑම හම්බෙනවා - තෙවරප්පෙරුම

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මහගෙදරට ගංවතුර ගලා ඇති බැවින් දරු පැටවුන් තැන් තැන්වල ගොස් ඇති බවත් දැන් ගංවතුර ආධාර වශයෙන් කෑම ලැබෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

"සිරිකොත අපේ මහගෙදරට ගංවතුර ගලලා. දරු පැවට් ටික තැන් තැන්වල ගිහින්. දැන් අර ගංවතුර ආධාර දෙනවනෙ. වැඩියෙන් හම්බවෙන්නෙ කෑම.

සුජීව සේනසිංහ මහත්තයාලගෙ ගෙදර එක කට්ටියකට කෑමක් දෙනවා. ෆොන්සේකා මහත්තයා ඊයෙ කෑම දුන්නා. අද කොහෙද මං දන්නෙ නෑ, මාතර එකක් තිබ්බා. ගංවතුර ගලලා පුතේ, අපිත් මේ ගංවතුරට අහුවෙලා. මේ තවත් කෑමකට යන්නෙ.

ප්‍රශ්නෙ විසඳන්න නෙවෙයි, මේ කෑමකට යන්නෙ. රටේ අගමැතිතුමාගෙන් ලේසියෙන් කෑමක් කන්න හම්බවෙන්නෙ නෑනෙ පුතේ." යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)