Wednesday, October 23, 2024
Follow Us
අපට විනය පියවර ගන්නවා කියන දයාසිරි රෑට ගෝඨාගේ පාටියට යනවා - එස්.බී.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා (21) කොළඹ, ශැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයට තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සහභාගී වූ බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙම විශෙෂ භෝජන සංග්‍රහයට පවුල්වල සාමාජිකයින් ද කැටුවම සහභාගී වන මෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කළ ආරාධනාවක් අනුව තමන් ඊට සහභාගී වූ බව පැවසූ ඒ මහතා එහි තිබුණේ සුහද හමුවක් බවයි ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම භෝජන සංග්‍රහයට දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ සහ කුමාර වෙල්ගම යන ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් සහභාගී නොවී තිබුණු අතර ඒ පිළිබඳ විමසීමේදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මීට බොහෝ අය සහභාගී වී සිටි බැවින් ඔවුන් පැමිණියේද නැද්ද යන්න තමන් නොදුටු බවයි.

මෙම සාදයට දයාසිරි ජයසේකර මහතාගේ සහභාගීත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ප්‍රසිද්ධියේ සහභාගී වූ තමන්ට එරෙහිව විනය පියවර ගන්නා බව කියූ දයාසිරිත් රහසින් පැමිණ ගෝඨාගේ සාදයට සහභාගී වී ඇති බවත් එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට දයාසිරි ඇතුළු ශ්‍රීලනිපය දැන්වත් ඉදිරිපත්වීම තමන්ට සතුටක් බවත්ය.

(LNW)