Wednesday, October 23, 2024
Follow Us
ජනපතිවරණයට රනිල් නැත්නම් TNA සහාය අනුරට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නම් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය මත එම පක්ෂයේ අවසන් තීරණය තීරණය ගැනීමට නියමිතය.

යම් ලෙසකින් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා අසාර්ථක වුවහොත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට එම පක්ෂය සහය දෙනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය ලබා නොදී සිටීමේ වැඩි ඉඩක් ඇති බවද වාර්තාවේ.

(Lanka Leads)