Wednesday, October 23, 2024
Follow Us
දිල්රුක්ෂි ඩයස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සමුගනී ! තවත් දේශපාලන පෙරළියක්ද?

අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතෙක් දැරූ සොලිසිටර් ජෙනරාල් තනතුරෙන්ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඇය එම තනතුරින් ඉල්ලා අස් වී ඇත්තේ අගෝස්තු 20 වැනිදාය.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය සොලිසිටර් ජෙනරාල් තනතුරින් ඉවත් වීම යම් දේශපාලන පෙරළියක ඉඟියක් බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ වෙමින් පවතී.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානම් වන බව අප පසුගිය ජූලි මාසයේදී පළමුවරට අනාවරණය කළේය. ඒ අනුව එම අනාවරණය සත්‍ය වෙමින් පවතින බවට, දිල්රුක්ෂි මහත්මියගේ ඉල්ලා අස්වීම යම් ඉඟියක් සපයයි.

මේ අතර 'ද අයිලන්ඩ්' පුවත්පත අනාවරණය කරන්නේ දිල්රුක්ෂි ඩයස් මහත්මිය එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි දිල්රුක්ෂි ඩයස් මහත්මිය 2015 යහපාලන රජය යටතේ අල්ලස් කොමිසමේ සභාපතිනිය ලෙස පත්කළ අතර කෙසේ වෙතත් ඇය 2017 වර්ෂයේදී එම තනතුරින් ඉල්ල අස් වූවාය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් කොමිසමේ කටයුතු සඳහා අනිසි ලෙස මැදිහත් වන බව පවසමිනි.

(LNW)