Wednesday, October 23, 2024
Follow Us
පළාත් සභා ඡන්දය ගැන සුමන්තිරනුත් පෙත්සමක් ගොනු කරයි

සීමානීර්ණ කටයුතු අවසන් නොකර පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම් ඒ සුමන්තිරන් විසින්.

පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මතය විමසීමට අදාළව මැදිහත්කාර පාර්ශවයක් ලෙස මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. 2017 පළාත් පාලන සංශෝධන පනතට අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුත්තේ නව ක්‍රමයට බවයි

පෙත්සමෙන් පෙන්වාදී ඇත්තේ. ඒ සඳහා සීමා නිර්ණ කටයුතු අවසන් කිරීම අත්‍යවශ්‍ය බවද පෙත්සම්කාර එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා තර්ක කර සිටිනවා.
පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට පැවැත්විය හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද මතය විමසීමට අදාළ කරුණු විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින්.

කරුණු විභාගය ලබන 23වනදා සිදු කෙරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන 30වනදාට පෙර ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිතයි.

(Neth)