Wednesday, October 23, 2024
Follow Us
මෛතී‍්‍ර-මහින්ද දෙවැනි සාකච්ඡාමේ සතියේ

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර දෙවන සාකච්ඡුා වටය මේ සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ හා ඉන් පරිබාහිර දේශපාලන පක්‍ෂ සමග නව සන්ධානය ගොඩනැගීම සඳහා පෙරේදා (20 දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී එකගතාවයකට පැමිණි බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට පෙර නව සන්ධානය එළිදැක්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)