Wednesday, October 23, 2024
Follow Us
පළමු වතාවට ගෝඨා සහභාගීවන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද හවසට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි නිල නිවසේදී අද පස්වරු 06.00ට මෙම රැස්වීම ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

රැස්වීම සඳහා පොදුජන පෙරමුණට සහය පල කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් මෙන්ම නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

(Lanka Leads)