Wednesday, October 23, 2024
Follow Us
ගෝඨා - ජොනී අර්බුදය දුරදිග යන ලකුණු !

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය උත්සන්න වන ලකුණු මතුවී ඇති බවත් මෙය බොහෝ දුරදිග යන මට්ටමට පත්ව ඇති බවත් වාර්තා වේ.

වියත් මගට බාල්දි පෙරළීම

පසුගිය ජුලි 27 වනදා කුරුණෑගලදී පැවැත්වූ "වියත් මග" සම්මන්ත්‍රණයට පහරදී කඩාකප්පල් කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රියාකර තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සංවිධානය කර තිබුණු මෙම සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන කථිකයාව සිටියේ මේජර් ජනරාල් බොනිෆස් ප්‍රනාන්දු මහතාය.

තමන්ගේ රැස්වීමට පහරදී කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝජිතයින් පිරිසක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කර ඇත. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ එය තමන්ගේ වුවමනාවක් අනුව කළ දෙයක් නොව ඉහළින් ආ නියෝගයක් අනුව කළ දෙයක් බවත් ඊට වඩා විස්තර තමන්ට කිව නොහැකි බවත්ය.

එහෙත් ගෝඨාගේ නියෝජිතයින් ජොන්ස්‍ටන්ට තරයේ බලපෑම් කරමින් ප්‍රකාශ කර ඇත්තේ "එහෙම කියලා හරියන්නෙ නෑ, මේකෙ සම්පූර්ණ විස්තරයක් අපට ඕනේ. ඒ විතරක් නෙවෙයි ගෝඨාභය සර් ඉස්සරහා තමුන් ඔක්කොම ඇත්ත කියලා ප්‍රසිද්ධියේ සමාව ගන්නත් ඕනේ. නැත්තම් බලාගන්න පුළුවන්" යනුවෙනි.

මහින්ද ඝාතන කුමන්ත්‍රණය

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඒ මහතාව ඝාතනය කිරීම සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානයත් සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබුණු අතර ඊට අදාළ පැහැදිලි සාක්ෂි ද හමුවී තිබිණි. තම සහෝදරයාව ඝාතනය කිරීමට තැත්කළ ජොන්ස්ටන් සමඟ ගෝඨා එදා පටන්ම සිටියේ දැඩි කෝපයකිනි. ගෝඨා යනු මෙවැනි දේට සමාව දෙන පුද්ගලයකු නොවේ.

එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී ගෝඨාගේ ද උපරිම අනුබලය ඊට ලැබී තිබුණත් එය වළක්වා ජොන්ස්ටන්ව තම පක්ෂයට එකතුකර ගෙන සිද්ධිය යට ගැසුවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

නමුත් දැන් තීරණාත්මක දේශපාලන චරිතය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට පැමිණ ඇති බැවින් ඔහු පරණ ගනුදෙනු ද එකින් එක බේරාගැනීමට පටන් ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)