Saturday, April 26, 2025
Follow Us
ජවිපෙ ජාතික ජන බලවේගය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන එක්ව පවත්වන ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙයි.

මෙම ජන බලවේගයට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිවිල් සංවිධාන 28ක් ඒකරාශී වී සිටියි.

සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම රැළිය පැවැත්වෙන අතර මේ වන විට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් අදහස් දක්වමින් සිටියි.

ගාලුමුවදොර පිටිය සිසාරා විශාල ජනකායක් මෙම රැළියට සහභාගීවී සිටින බවයි එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

රැළිය අවසානයේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමටද නියමිත බව සඳහන්.

(LNW)