Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා යළි ඇරඹේ. අපට හදිසි නෑ - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිකිරීම උදෙසා වන සාකච්ඡා ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අඛණ්ඩව සාකච්ඡා පවත්වා එළඹෙන සැප්තැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සමුළුවට පෙර අවසන් තීරණයකට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හදිසියක් නොමැති බවත් නාමයෝජනා කැඳවීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මාසයේ දී බැවින් අවශ්‍ය නම් ඒ දක්වාම වුවත් සාකච්ඡා පැවැත්වීමට හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

(LNW)