Wednesday, October 23, 2024
Follow Us
ජවිපෙ ජනපති අපේක්ෂක නම් කරන රැලිය හෙට

ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙන පෙරළියේ මහා රැලිය හෙට (18) ගාලුමුවදොර පිටියේ දී පැවැත්වේ.

මෙහි දී නම් කෙරෙන අපේක්ෂකයා දේශපාලනය පිළිබඳ මනා පන්නරයක් ලබා ඇති ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබෙන අයකු වන අතර, රට වැටී තිබෙන තත්ත්වය අනුව එය ගොඩනැඟීමට නම් එවැනි අත්දැකීම් තිබෙන අයකු පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයකු ‘දිනමිණ‘ ට පැවැසීය. ඉකුත් ජූලි (14) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති විද්වතුන්, බුද්ධිමතුන්, විවිධ බහුජන සංවිධාන, විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේ දී ජාතික ජන බලවේගය ආරම්භ කෙරුණි.

නිදහස ලැබීමෙන් පසු වසර 72ක් පුරා පැවැති ආණ්ඩු රටට කළ කී දේ අනුව රටේ බහුතර ජනතාවට ප්‍රධාන පක්ෂ එපාවීමක් සිදුවී තිබෙන බැවින් මේ නව බලවේගය ආරම්භ කිරීමේ අරමුණ බව ද මේ විකල්ප බලවේගය රටේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වන බව ජ. වි. පෙ. කියයි.

(Dinamina)